Saturday, July 5, 2014

සපත්තු



පාට පාට සපත්තු හැඩ
සිතමින් මම ඇවිද යන්නට වීමි
පාරෙහි පසෙකින්
සමනල හැඩය බුහුටිය
ප්‍රියය මට, අපූරුය
සපත්තුවක් කියන්නෙත් කලාවක්ය

හදිසියේ දුටිමි මම
පාරෙහි අනෙක් පසින්
වහන් රහිතව පාත්‍රය අත දරා
නිසසල ගමනින් වඩින බුදු රුවක්
කැලඹීමකින් තොරව
බිමට නෙතු යොමා ගෙන
පිය නැඟූහ උතුමෝ

මහත් ලැජ්ජාවක් පැමිණ
වසා ගති එසැණින් මා
දුටුවෝද උන්වහන්සේ
මා සිතත් සපත්තුවක් වග
ඉබා ගාතේ ඇවිදයන
මඩ වගුරුවල නිසරු බිම්වල

Picture - Carrie Graber

2 comments:

  1. / දැන් මම ලියන්නේ නැත. ලියන්නට පටන්ගත් විට මහා කරදරයකි. නොනවත්වාම උනන වචන ලියන්නට ගියොත් යටත් පිරිසෙයින් ඇති තරමට කන්නට නිදන්නටවත් නොලැබෙයි. උනන වචන ඔහේ වියැක යන්නට ඉඩ හරිමි. ලියුවා කියා කවර නම් පලක්ද? පොකුරු පොකුරු වැසි වසින අතරේ ගුලි ගැහී නිදීම දැනට කදිමය. /

    පළමුවන සිහිකැඳවීමයි !!! The First reminder !!!

    ReplyDelete
    Replies
    1. පුරුදු අත්හැරීම සිතනා තරම් පහසු නැත! 'දැනට' යැයි යොදා ඇත්තේ එනිසාය.

      Delete