Thursday, July 10, 2014

දිවි මකුළුවා



අපොයි, මෙන්න රිදෙනවා මගෙ ළය
විනාශකාරී දිවි මකුළුවෙකු උරා බොන ලෙස ලෙය
මහත් වේගයෙන් හැකිළෙයි නැවෙයි ඉසියුම් නහර
හදිසියේ ඇතුළු වෙමි නළළේ වම් පස කොණින්
ආහ්.. මා ගසා යන හැටි හදවතට
පුදුමය ලබ් ඩබ් ගැස්ම
නවතින්නට ඔන්න මෙන්න මෙන් දුර්වලව ගැහෙන
මලකඩ බැඳී ඇත ඇතැම් තැන් කපාට තුළ
ඉරෙන්නට ඔන්න මෙන්නව බලා සිටී විස්සෝපයෙන්
ලුණු රස මතක වෙළී ඇත හැමතැන
බලා සිටිද්දීම දිරා යයි මෘදු ළය

ඔහු පෙම අතැර ගිය සඳ
දිගු නියෙන් පහුරා ළය
නැඟුණු තුවාල තවමත්
සැරව ලා ලේ ගලයි ඉඳහිට
කර්ණිකා කෝෂිකා අතිමහත් අසරණ ලෙස
එල්ලී සිටී සිටිය යුතු තැන්වලින් තල්ලු ව

දිවි මකුළුවා උරා බොයි ළය
තියුණුය උගේ අත් දඬු
මිරිකයි හෘද වස්තුව එක සැණින්
කැඩී බිඳී ඉරී යයි සම
අපි ගෙවන්නේ නෑ කියා
ගැලවෙනු නොහැකි තැන්වල
විශාල තුවාල කැළල් වෙයි
සුවවෙනු පෙරම පෑරුණ

මෙෆනමික් ඇසිඩ් රළ ගැසූ තැන්
බැලුමට නොහැකි ලෙස ව්‍යසනකාරිය
දිවි මකුළුවාගේ දළින් විස පෙවෙන තරමට
හැඩිදැඩි මිනිසෙකුගේ හදවතක් වුව මෘදුය
අහෝ ඌ බදා සිටී කඳුකරය වෙරළ
නගරය ගම එක සේ ම
විසිවෙමි භයානක ලෙස ඉවතට
මතුවෙමි නළලින් බැහැරට
පිය වී ඇත ඇස් පියන් තදින්
අනුමාන කළ හැටියට

Picture - Jessica Allain

1 comment:

  1. දිවිමකුණා අනුමාන කළ හැටි

    ReplyDelete