Wednesday, July 9, 2014

හුනස්නෙන් නැඟිටුවන ප්‍රේමය



දෙහි ලෙල්ලක් දිව මත තැබුවාක් මෙන්
දියව යයි විටමින් පෙති
ලුණු සුළඟට දියබත්ව
වසා සිටිමි දෙකන් පෙති
බමන සිත කිමිදවා යහනට
සියලු වැඩ නවතා නිදියමි
එහෙත් ඔබ හට ඇත්තේ
හුනස්නෙන් නැඟිටුවන ප්‍රේමයකි

මුළු රැයම ඇවිදිමින් වැළපෙමි!

Picture - Luiza Gelts

2 comments:

  1. මේ කවි සියවස් ගනනකට පෙර ලියා කාල මංජුසාවක බහා ( time capsule) අද කියවන අප වෙනුවෙන් සගවා තැබූ ඒවා යැයි මට සිතේ. එම කාල මංජුසාව සොයා ගැනීමේ මහා භාග්‍යවන්තිය ඹබය. දැන් මම නිත්‍ය රසිකාවියක් බවට පත්ව සිටිමි

    ReplyDelete
    Replies
    1. සමනලියන් පැමිණි විට උයනක්
      කොතරම් සුන්දරද සොඳුරිය!

      Delete