Wednesday, July 16, 2014

නිල් නිම්නයට ඇදී ගිය මිතුර


ඉර නැඟෙයි සඳ බැසෙයි ගංගාවල් දිව යයි
අනන්ත වූ ආකහේ අපි ඈතට ඇදෙයි
ඔරලෝසු කණු බිමට හැරී ඉකිබිඳ හඬයි
ආපහු යනු බැරිව මගේ පය පැකිළෙයි
මට උදාසන කල ඔබට හරි ගණ රැයයි
පැය කටුව අපි දෙදෙන අතට ගෙන කරකවයි

හරිම පුදුමයි ඔබත් හරිම පුදුමය ඔබෙ ඇසුත්
හිනා වුණු නොව නුඹට හිනා ආ මා දකින විට
දුමින් පිරි රේල් මං අතර මා අතරමං කල
ඔබ හිනා වෙවී නිල් නිම්නයට ඇදී ගිය

හරිම පැරණිය කිසි කතාවක් නැති වුණත්
කොළ පාට සීත දුර ඈත නගර තෙම
රොබරෝසියා දරා රෝස පාටට හිටිය
අතර දැමු කම්හලක ඉදිරිපිට මල් දසුන

ඒ තුළින් ඔබ ඈත නිම්නයට ඇදී ගිය
රැළි ගවුම වීසි කර මා වලා මත තව
නිම්නයෙන් දුරු රටට ඔබට අමතක මතක
මා වෙළා පෙළන්නෙද මටම නොහැඟේ මිතුර

ඔබ හරිම පුදුමයක් ඉස්පිල්ලක් නොබැණ
මගේ හද ගෙන අතට පාට කරනා අරුම
එහෙත් ඒ බවක් තව ඔබම නොදනින පුදුම
එහෙත් ඒ බවක් තව ඔබම නොදකින පුදුම

Picture - Max Ginsburg
http://www.maxginsburg.com

No comments:

Post a Comment