Friday, July 11, 2014

තනු



එක් එක් දිනට හිමි
වෙන වෙනත් තනු ඇත

ඇතැම් විට ගංගා ගලා බසී දියාරුව
නැවතිය නොහැක කඩිමුඩිය බැමි බැඳ
තාරුකා වැස්සක් වැටෙයි මා වට කොට
ඇතැම් විට හිස් අහස එකදු තරුවක් නැත

සමුදුර නොසෙල්වී නිදා සිටී විටෙක
චීටාගේ පා ගොළුබෙලි කකුල් වෙයි තැනෙක
බස්සන් නටයි පියකරු බැලේ මැදියමක
උන් මුව පිපෙන්නේ වීණා සත්සරෙක

එක් එක් දිනට හිමි
වෙන වෙනත් තනු ඇත
මා ලියන්නේ තනුවටය
ඈත විශ්වයෙන් එන

Picture - Maria Ilieva

No comments:

Post a Comment