
විසි වසරත් දඬුවමක්ද
ලක්ෂ අටත් නින්දාවකි
මා සැළමුතු හද වනසා
තලා දැමූ හිවලුනේ
මා පිවිතුරු සම උගුලා
රත් වූ යදමින් සිර කොට
මරා දැමූ හිවලුනේ
මගේ ජීවිතය විසි කර
කුණු ගොඩකට දුගඳ හමන
සිය දහස් වරක් යළි යළි මරා දැමූ හිවලුනේ
මරණයකට වුව නොතරම් නිගා දෙවූ හිවලුනේ
විසි වසරත් දඬුවමක්ද
ලක්ෂ අටත් නින්දාවකි
ප්රකම්පිත හදක් ඇත්නම්
අසන දකින මිනිසුනේ........
Picture - Victoria Stoyanova
http://nihinsa777.blogspot.com/2014/05/blog-post_4770.html
ReplyDeleteඔබ හරි...... අද වෙනස් මගක කවියක් ලිව්වා..... මේකත් කියවල බලන්න..... මේ හා සම්බන්ධයි .... වසර දෙකකට කලින් මවෙතින්, ලියවෙච්චක්.....
සුපැතුම්!! දිගටම ලියන්න වචන අපතේ නොයවා.
Deletepicture එක කොහොමද ඔයාට හම්බ උනේ...... මේ ඒ වික්ටෝරියා ඇදපු එකක්ද....?
ReplyDeleteනැත නැත! නිහිංසාටත් පෙනෙන දේවල්!
Deleteඔය තීන්දුව දුන්නෙත් ගැහැනියක්ම නේද?
ReplyDeleteඅද පත්තරේ දැක්කා අවුරැදු 20 දඞුවම අවුරැදු 12 කින් ගෙවාඉවර කල හැක. චනාධිපති සමාව යටතේ ඊටත් වඞා අඞුවිය හැක කියලා.
ReplyDeleteඅවුරැදු 3න් එලියට එනවා මෙන්න කැට.
මටත් ඕකම හිතුනා..
ReplyDeleteඇත්තම කියනවා නම්, ඔය පද පේලියේ පලවෙනි පදයමයි මමත් ලිව්වේ.... පුදුමයි!
නීතියේ ඇති ලිහිල්, හිල් ඔක්කොම පේනවා.... ඊට වඩා නිරුවත්කම!
මොන අවුරුදු විස්සක්ද?...ඔය තීන්දුව දුන්නෙ ලෝකාපවාදයෙන් මේ වෙලාවෙ ෂේප් වෙන්ට. අභියාචනයක් දාපු ගමන් අවුරුදු දෙකකින් ඔය ඔක්කොමල එලියෙ.
ReplyDelete" චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පක්ෂය අසමත්වූ බව තීරණය කල අභියාචනාධිකරණය විත්තිකරුවන් නිදහස් කරන ලෙස නියෝග කළේය."
ස්තූතියි.. අදහස් දැක්වූ හැමෝටම
ReplyDelete:(
ReplyDeleteඅහම්බෙන් යන ගමං අපේ බස්සි නගා සෙයා කරලා තීනවා දැක්කේ පිටුව , කවි ටිකකුත් කියෙව්වා . රහයි , මට මතක් උනේ the skin i live in කියන almadoowar කියන සිනමා කාරයාගේ චිත්තර පටිය , ඒකේ තමං ගේ දුවව විනාස කරපු එකාව ඒ තාත්තා සැත්කමකින් කෙල්ලෙක් කරනවා . මෙයාලට එහෙම කරන්න පුලුවන් නම් වේදනාව දැනේවී ගැහැණියකගේ නේ ,සුබපතනවා දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි!!
Deleteඅනිවා
Delete