Saturday, July 12, 2014

කුණ්ඩලාභරණය



කුණ්ඩලාභරණය දමා ආවෙමි
අමතකව ඔබ කුටියෙහි
නැවත හමුවෙනු නැත එය
ඔබේ වත්සුණු සුවඳ විලසම

ඔබේ කුටියට ගලා ආ
සමුදුරෙහි ගොස තබා ආ එහි
නියං සායෙන් වෙළෙන කඳුකර
මගේ හදවත පෙළන්නෙහි තව

අහෝ ඔබ මා බැඳුණු බැමිවැල
ගෙවා සැතපුම් සත් සියක් දුර
ලුහුබැඳන් මා හඹා ආ වග
නොදුටු හැටි මා නැවතුමට පෙර

Picture - Rob Hefferan

No comments:

Post a Comment