මට කියනවද ඔබව සිපගන්න
මට දෙනවද මොහොතක්
ඔබට ආලය කරන්න
ජීවිතේ එකම එක පිටුවක්
ජීවිතේ එකම එක පිටුවක්
ඔබට ආදරෙයි කියන්න
ඔබව සිපගන්න
දූවිලි සුළං ඈත් කර මගෙ හිතින්
රැවුල් කොඳ සියක් ඇනි ඇනී මුදු වතින්
මට දෙනවද ඔබේ හදවත සිඹින්න
රතුම රතු රෝස මලක් එහි තියන්න
ඔබේ හිස කෙස් අවුස්සා දැවටෙන්න
ඇසිපියට පවා ගැහෙන කවියක් වෙන්න
මගේ හදවත බැරිද අරගෙන යන්න
මට අයිති නැති මගේ හද ගෙනියන්න
Picture - Mark Spain
No comments:
Post a Comment