Wednesday, July 16, 2014

ඉඟුරු මල්



ඉඟුරු මල්
ඔය දිගට පිපි
සොයනවා ඇති තවම
අපගේ සිනහ රැළි
තිඹිරි පැල්ලම් පිපුණු
සුදෝ සුදු නැති සුදු ගවුම් සුළි
සොයා වෙහෙසව රිදෙනවා ඇති
ඉහළ එසවුණු ඔවුන්ගේ බෙලි

බුලත්විට සෙල්ලම් තවත් නැති
ඉඟුරු ඇට රාමෙට හපන් නැති
මහ අමුතු සත්තුය අපි
ඉඟුරු මල් දන් නැතුවැති
ආයෙ එන් නැති සිනා ගඟුලක්
ඉඟුරු මල් සොයනව ඇති

Picture - http://plantasyjardin.com/2010/11/lantana-camara-%E2%80%93-lantana-%E2%80%93-bandera-espanola/

2 comments:

  1. ‍ම‍ම ‍බො‍හො‍ම ‍දන්‍‍න ‍ග‍හක්‍ ,‍පො‍ඩි ‍කා‍ලේ ‍ම‍මත්‍ ‍සෙල්‍‍ලම්‍ ‍ක‍ලා ‍මේ ‍මල්‍ ‍ව‍ලින්‍

    ReplyDelete
    Replies
    1. තරමක් සුලබ මලක් නේ.. මේවාගේ ඇට අපි 'පුවක්' විදිහට ගත්තෙ. :)

      Delete