Thursday, August 29, 2013

කුඩා ගල් කැට

Arkhip Kuindzhi, Lake Ladoga

ශ්වේත වලාවන් අතරින් මිදී දිදුලන කහ පැහැති ඉරෙළිය තුරුපත් 'තරින් රූටා ඔය අසල හා 'වට ගල්තලා මත වැතිර යයි. අපි සෞම්‍ය වර්ණයන්ගෙන් යුතු කුඩා ගල් කැට අහුලමින් ඔය ඉවුරෙහි රැඳී සිටියෙමු. නැවතෙන්නට ලොබින් මෙන් රෑහි වාදනය ගලා යන සිලිලාර නදට එක් ව මතු ව එයි. ඉඳහිට ගිම් සමයේ දාහය දරා ගනු නොහී මෙන් 'ක්වෑක් ක්වෑක්' කියමින් සකලයෙක් දෙදෙනෙක් අහසට නඟිති.

පැසුණු කහ පැහැති නුග පල ගසින් ගිලිහ තැනින් තැන ඔය දියෙහි ගලා යයි. දැරියක් ගලා යන දියට පනිමින් අත මානයේ දිය හා පිනුම් ගසමින් පහළ බසින පල එකින් එක සිය ගවුම් මල්ලට ඇහිඳ ගනී. කුඩා ලංකාර ගල් අහුලමින් මම ඔය ඉවුරේ ඒ මේ අත දිව ගියෙමි. මගේ ඇඳුමේ දෙපැත්තේ තාරාවන් අල්ලා මසා ඇති සාක්කු ගලින් පිරී ඉරී යන්නට මඟ බලයි. මේ කුඩා ගල්වල මොනතරම් දැකුම්කලු ඇත් දළ පැහැ මුසු රෝස පැහැයක්ද ඇත්තේ... මේ බුහුටි කුඩා ගල් කැට පාට කළේ කවුරුන්ද? ඇතැම් විට, මුළු ලෝකෙන් ම ලස්සන කුඩා ගල් කැට ඇත්තේ ගල් ඔයෙහි ම වන්නට බැරිද?

Picture - Arkhip Kuindzhi, Russian, 1842 - 1910, Lake Ladoga

4 comments:

  1. බොහෝම සුන්දර පරිසරවේදී බ්ලොගයක් නෙව. මගේ කැමැත්ත පිළිගන්න.
    හරි ආදරේ හිතෙනවා මේ සෞමය පරිසරයට හිත තව තවත්..
    ස්තුතියි ඔබට.

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. පරිසරය තමයි මගේ ජීවිතය... ගහකොළ, ඇළදොළ, කඳු වළලු තමයි මගේ අත්‍යන්ත ප්‍රීතිය..

      ස්තූතියි..

      Delete
  2. කදු,

    ඔබ තවත් අවුරැදු 30 කට විතර පසු ව ග්‍රේඩ් වන් පරිපාලන නිලධාරියෙක් ලෙස රටේ කොහේ හරි තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක තුනක වැඩ කරපු රටේ කවුරැත් ම නොදන්නා කෙනෙක් වෙනවාට වඩා මේක හොද නැත් ද ?

    උපාධිධාරීන් 200 ක් විතර තමන් යටතේ තියාගෙන ග්‍රාම නිලධාරීන් 50 කට සමෘද්ධි 50 කට විතර සද්දේ දදා ඉදලා මැරිලා යනවාට වඩා මේක හොද නැත් ද?

    ආයතන සංග්‍රහයට යි, මුදල් රෙගුලාසි වලට යි යටවෙලා ඉදලා මැරිලා යනවට වඩා මේක හොද නැත් ද?

    දිස්ත්‍රික් ලේකම්ගේ සිට ඉහළට ඉන්න හැම නිලධාරියෙක්ගෙන් ම බල්ලෙක් වගේ බැනුම් අහනවාට වඩා මේක ‍හොද නැත් ද?

    දෙක වසරට ඉගෙන ගත්තේ නැති දේශපාලනඥයොන්ට සර් කියකිය ඉදලා මැරිලා යනවාට මේක හොද නැත් ද?

    මුළු රැකියා ජීවිතේ ම ප්‍රශ්ණ දාහක් ඔලුවේ තියාගෙන ඉදලා පපුවේ අමාරැවක්වත් හැදිලා මැරිලා යනවාට වඩා මේක හොද නැත් ද?

    ප්‍රතිපත්තියට වැඩ කරන්න ගිහින් රට වටේ ට්‍රන්සර් වෙවී දුක් විදිනවට වැඩිය කවදා හරි දවසක නෝනා මහත්තයා එක්ක සතුටින් ඉදලා, දරැවෝ එක්ක ආදරෙන් ඉදලා හොද සැමියෙක් බිරිදක් වගේ ම මවක් පියෙක් වෙලා මැරිලා යන එක හොද නැත් ද?

    මං හිතන්නේ ඔබත් මමත් පැරදුනා කියලා නෙමෙයි. ලෝක‍ේ සමහර දේවල් තීරණය වෙන්නේ වෙන්නට ඕනේ විදිහට. ස්වභාවධර්මය මේ වෙලාවේ අපිව නිදහස් කරේ අපිට පැවරිච්ච මීට වඩා ලොකු වැඩක් තියෙනා නිසා කියලයි මට තේරෙන්නේ. හැබැයි ඒ වැඩේ දී අපිට ලොකු පඩියක් ලැබෙන එකක් නැහැ. සමහර විට ලොකු පිළිගැනීමක් ලැබෙන්නෙත් නෑ. හැබැයි ලෝකෙට අපේ සේවය ඕනේ. ලංකාවේ කිසිය පරිපාලන නිලධාරියෙක් ලෝක ඉතිහාසයේ පෙරලිකාරයෙක් වෙලා නැහැ. එහෙනම් අපේ ගමනට ඒ තනතුර නැති එකෙන් බාධාවක් නැහැ.

    තුෂාර විතාරණ

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ මුව මත ඇන්ද අපූරු සිනාවට ස්තූතියි..
      සුන්දර හදවතක් එක්ක කම්කරුවෙක් වෙලා වැඩ කළත් ජීවිතේ ලස්සනයි...තුෂාර.. ඇත්තමයි..

      Delete