
බිත්තියේ ලියා
මතක තබා ගත යුතු ය
අරණක දිවි ගෙවන්නාක් මෙන්
ජීවත් විය යුතු බව
මහත් දන සපිරිවර අතර
එසේ නොවනා විට
මහත් භීතීන් ඇති වන වග
උගත යුතු ය ඔබ
අමතක නොවන ලෙස
එසේ නොවනා කල
මෘදු බස මැ වේදිත හිත ම
කම්කටොලු ගෙන දිය හැක
නොඇසිය යුතු කියුම්
වේවැල් පහර දෙන බව
මඳ හස ඇති ව වදා හළ
ඔබ මැ සිහි වේ හිමි සඳ
නොදෙසුවේ දහම්
සියල් මිනිසුන් වෙත
මන්දැයි කියා දැන්
වටහා ගත හැකිද මිතුරිය
නොයන්න පිටස්තර ලෝකයට
රැඳෙන්න මල් පිපෙන ඔබ කුඩා මිදුල
Picture owner - unknown
සුන්දරයි බොහෝම.. අර්ථවත් පැදි පෙළක්. පරිසරයට ආදරය කරන එකෙකු සිටීම ගැන සන්තෝෂයි... අතැඟිලි තවත් වෙර වීර්ය ලැබේවා.. !
ReplyDeleteBora Diyaka Induwara
බොහොම ස්තූතියි..
Delete