Sunday, August 11, 2013

මලින් මිණිදැදිරි වූ මල් ගවුම




http://www.dinamina.lk/epaper/art.asp?id=2013/08/12/pg23_4&pt=p&h=


මෙම වසරේ “Dig the City” මැන්චෙස්ටර් නගර උද්‍යාන උත්සවයේ සමාරම්භක මොහොතේදී ඉහළ තලයේ නිරූපිකාවක් වන එලීනා ඩේවිස් සැරසී සිටියේ මලින් පිරී ගිය අපූරු මල් ගවුමකින්. ලංකාරයෙන් උජ්ජ්වලිත වන ලෙස මලින් ම ගැවසුණ මේ  අපූරු ගවුම නිර්මාණය කර තිබුණේ මැන්චෙස්ටර් ෆ්ලොරිස්ට් වීනස් ෆ්ලවර්ස් ආයතනයේ අයිතිකාර ලිසා ඩිකින්සන් සහ මල්කරුවන් සිවු දෙනෙකුගෙන් යුත් ඇගේ කණ්ඩායම. ඔවුන් මේ ඇඳුම සැලසුම් කිරීම හා නිර්මාණය සඳහා සඳහා සතියක් පුරා වෙහෙසී තිබුණා.
/
ලීසාගේ අදහස වන්නේ, මින් පෙර ගෙදර වැඩ කළ කඩදාසිවලින් නිමැවූ ප්‍රොම් ඇඳුමෙහි (Prom Dress) සිට ශරීර කෙසින් තැනූ කබාය දක්වා විවිධ වර්ගයේ ඇඳුම් නිර්මාණය කොට තිබුණත්, මෙම මල් ගවුම තරම් රූපශ්‍රීයෙන් යුතු වුණේ ඉන් කිහිපයක් පමණක් බව යි. මල් ගවුම නිර්මාණය ප්‍රමෝදජනක වුණත් ‘Dig the City’ මැන්චෙස්ටර් නගර උද්‍යාන උත්සව සංවිධායකයන් මෙම විශේෂ ඇඳුම නිර්මාණය සම්බන්ධයෙන් තමා විමසූ විට, දුෂ්කර කටයුත්තක පසුබෑම තමාට දැනුණු බව ලීසා පිළිගන්නවා.
/
නිර්මාණයෙහි අති දක්ෂ ලිසා තවදුරටත් මේ ගැන මෙහෙමයි කියන්නේ.
/ 
/අභියෝගය වුණේ ඇඳුම බොහෝ වේලාවක් නැවුම් ව තබා ගන්නේ කොහොමද කියන එක යි.  ඇඳුම නිර්මාණයේදී උපක්‍රමික ව පැය කිහිපයකට පසු මැලවීමට හෝ පර වීමට ලක් නොවෙන මල් යොදා ගැනීමට සිදු වුණා. එම නිසා ඇඳුමෙහි සාය කොටස සම්පූර්ණයෙන් ම සකසනු ලැබුවේ රළු පඳුරින් සහ මල් හිස්හි සියුම් රිකිලිවලින් යුක්ත වූ වැක්ස් මලින්.
අප විසින් ඇඳුමෙහි සැකිල්ල සකසා ගත් පසු මේ සියල්ල එකට යොදන්නේ කෙලෙසද කියා මා මඳක් පසුබෑමට ලක් වුණ බව මා පිළි ගත යුතු යි. නමුත්, සැලසුම මත කටයුතු කිරීම ඇරඹූ පසු එය මහත් විනෝදකාමී සහ නිදහස්ශීලී දෙයක් වුණා. ඉඳුරා ම එය මල් කර්මාන්තයේ සීමා මායිම් පුළුල් කරන්නක් මෙන් ම නිර්මාණශීලී ව හිතන්නට පෙලඹවීමක් වුණා. ඔව්, මේ මල්වල ශක්‍යතාව වෙනත් මානයකින්."

‘Dig the City’ කියන්නේ මැන්චෙස්ටර් මුළු නගරයත්, එහි වැසියන්, ව්‍යාපාර සහ වෙළඳසැලුත් මලින් සරසන මැන්චෙස්ටර් සඳහා වන එ තරම් ම අති උත්කර්ෂවත් අවස්ථාවක්. හරිතමය නගරයක් කියන්නේ අප සැමට සහය විය හැකි යම් දෙයක්.
/
දින නමයක් තිස්සේ පවත්වන මහා පරිමාණයේ උත්සවයක් වන මෙය මොන්ටි දොන්, රැචෙල් ද තේම් සහ මැට් ජේම්ස් වැනි ප්‍රකට ටීවී උද්‍යානකරුවන්ගේ සංවාදයන්ගෙන් ද නිර්මාණශීලී බොජුන් සල්, ඇමෙරිකානු කලාකරුවෙකු වන ජේසන්හැකන්වර්ත්ගේ කලා ස්ථාපනයන් සහ කලා කෞශල්‍ය, උයන්වතු සම්බන්ධ වෙළෙඳපළවල්හි ආකර්ෂණයන්ගෙන් ද හැඩ වී තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ සම්ප්‍රදායික ගම්බද උත්සවයකට නගරය පෙරළීමක් ලෙසයි.

ෂසිකා අමාලි මුණසිංහ


No comments:

Post a Comment