Saturday, August 10, 2013

දවසක ඔබ දැක හිනැහෙයි වසන්තය ම මනරම් . . .

Image Found on The Web

කාත් කවුරුවත් නැති බව හිත
කිඳා බහින කොට මේ හැටි
ඇස අග නලියන කඳුළක් හැර
ජීවිතයක් හිමි නැතුවද මට

මිරිඟුව පිටුපස දුව ගොස්
දකිනට බැරි දේදුනු
ආදරයේ ඇස ඇති තැන
පිපෙනා රැව අමයුරු

ඇවිදන් යමු මිතුරේ අපි
හමු වෙන තුරු කෙම්බිම්
දවසක ඔබ දැක හිනැහෙයි
වසන්තය ම මනරම්

Picture - unknown

1 comment:

  1. කෙම්බිම් නම් ලොවෙත් නැත

    ReplyDelete