
උදෑසන නැඟිට
බීමත් ව නටන ඔර්ලෝසු තහඩුව
විසි කරමි විසි කරමි
අහක ම සිට ඉඟි මරන
ඇඟිලි සලකුණු යන්ත්‍රය
නැඟිටිමි
නැඟිටිමි
ඔර්ලෝසුව සිප නික්ම යමි
මම සමාගමකට සේවය කරමි
ලේඛනවලට සේවය කරමි
[මිනිසුන් හිඟ මිනිසුන්ට සේවය පතා ඉඩ නොලද බිමක නෙරපූ නමින් හිඳ]
Picture owner - unknown
No comments:
Post a Comment