Sunday, August 4, 2013

උගුලා දමමි කුමටද මට මගේ හද?




උගුලා දමනු මිස කුමටද මගේ හද
පෑනක් මිසක වෙන කිසිවක් නොමැති අත
කඳුළක් මිසක රැවුමක් විය නොහෙන ඇස
උගුලා දමමි කුමටද මට මගේ හද

විඳ විඳ හිවලු අණ විණ ළෙහි සිදුරු කළ
සිඳ බිඳ සියලු රද මැති අණසක විකල
සඳ වෙන එකලු නොදකින යුත ලිහි විපුල
කුමටද නැඟෙන 'යුර නොම දැනි හද අපුල

ලිවිසැරි කුමට මැවිසුරු හෙළ නසන ළෙහි
සැණ අසුරකින් තරු උගුලා මියෙන මිහි
කණවැල අල්ලන්න කිසිවෙකු නොවෙන බිහි
අඳ ගැහැනියක වී මා වුව කුමට මෙහි

සුහුඹුල් වන්ට පෙර නිලුපුල් කළ වනස
සුවඳැල් කෙතට ලැව් ගිනි ලා දුන් විනිස
සොරු පැමිණිල්ල වී අකුරුත් වූ වෙනස
බිඳලා දමමි මම අවසන් හිත මිනිස

Picture - http://www.dailymirror.lk/caption-story/33318-give-me-my-child.html

1 comment:

  1. මට සියලුම දේවල් සම්බන්ධව ඇත්තේ කියා නිම කල නොහැකි අපුලකි.

    ReplyDelete