Wednesday, August 21, 2013

සිවුරුහනකට කැටි වූ අමන්දානන්දය


Begowned performer--Dressed for Success: Dressing up for the competition adds to the "presentation" component.  That helped  fourteen year-old Marina Kato to this year's grand championship in the female teen division. (Ron Schachter/Only A Game)

හැම අවුරුද්දක
ලෝකයේ සිවුරුහන් බෑමට බොහෝ රුචි ඇත්තන් එකට එක්කාසු වෙන්නේ උතුරු කැරොලිනාවේ ලුවිස්බර්ග් පාසලට. ඒ සිවුරුහන් බෑමේ වාර්ෂික ලෝක සූරතා තරගාවලිය සම්පූර්ණ කරන්න යි. තරුණ හා මහලු සිවුරුහන්බාන්නන් විනිශ්චයට බඳුන් වන්නේ ඔවුන් අර්ථ නිරූපණය කරන පරිදි බොහොම ජනප්‍රිය කොන්සර්ටෝව සහ සොනාටාවන් කිහිපයක් අනුනාදය, ස්වරභේදය සහ වේදිකාමය ඉදිරිපත් කිරීම මත යි.
/
1970 දී, ලුවිස්බර්ග් පාසලේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ වූ ඇලන් දි හාර්ට් දකුණු ප්‍රාන්තයන්හි සම්ප්‍රදායික සංගීතය සහ නැටුම අරමුණු කර ගනිමින් ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්ත සහ ලුවිස්බර්ග් පාසල් උත්සවය ආරම්භ කළා.
අවුරුදු තුනකට පස්සේ, උතුරු කැරොලිනාවේ ඩර්හම්වල තරගකරුවෙකු වූ ඩැරල් විලියම්ස් ඔහුගේ මුල් නිර්මාණය ගැයුමට වඩා සිවුරුහන් බෑමට ඉල්ලා සිටියා. විනිසුරුවන් විසින් එය පිළිගත් අතර එකී වාර්ෂික උත්සවය යුහුසුළු ව ජාතික සිවුරුහන්ලන්නන්ගේ සමුළුව බවට පත් කිරීමට හේතු වූ  ඔහුගේ ඉදිරිපත් කිරීම දැක ඔවුහු මහත් විස්මයට පැමිණුණා.
/
පසුගිය අවුරුදු 40 තිස්සේ ම, මුළු ලොව වටා සිටින දක්ෂ සිවුරුහඬලන්නන් ලුවිස්බර්ග් වෙත පැමිණෙමින් සිටින්නේ සිය හැකියාවන් පෙන්වා ලෝක සිවුරුහන්බෑමේ සූරයා නාමය අයිතිකරගැන්මේ ආසාවෙන්. බොහෝ මිනිසුන්ට මේ තරගය උමතු තරගයක් මෙන් හැඟිය හැකි වුවත්, මේ තරගයට සහභාගි වන තරගකරුවන් ගොඩට නම් මේ මහත් භාරදූර රාජකාරියක්. ඔවුන් ඔවුන්ගේ සිවුරුහන්බෑම සහ වේදිකාවේ රඟ දැක්වීම පුරුදු පුහුණු කරමින් බොහෝ වේලවක් ගත කරනු ලබනවා.
/
ඒ වගේ ම, තම තමන්ගේ උපකරණ අදාළ දිනයේදී ඉහළ තත්ත්වයෙන් පවතීදැයි තහවුරු කර ගැනීමට ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. සෙසු අය අදාළ ඉදිරිපත් කිරීමට කලින් අයිස් වතුර තොල ගාන අතරේ, චුම්බනය පැහැදිලි ම දෙතොල් සංවේදී කළ හැකි නිසා,  ඔවුන්ගෙන් සමහරක් තම දෙතොල් නැවුම් ව තබා ගනු පිණිස “24 පැයක් චුම්බනයෙන් වැළකී සිටීමේප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබනවා. අයිස් සියුම් හා මෘදු බවක් ඇති කරමින් ද වායුවට නිසි පරිදි ගලා යන්නට ඉඩ සලසමින් ද තොල් පටක සංකෝචනය කරනවා.
/
මෙම වසරේදී, කලාකරුවන් 60දෙනෙක් 'ලෝකයේ හොඳම සිවුරුහන්බාන්නානාමය සඳහා තරග වැදුණා. නව යොවුන් ඛාණ්ඩයේ විශිෂ්ට නාමය දිනා ගත්තේ අවුරුදු 14ක් වයසැති ගෑණු දරුවෙක් වන ජපානයේ මරීනා කාටෝ. ඇය වසරක පමණ පටන් වැඩියත් ම සාමාන්‍ය ගෙදර දොර වැඩ අතරතුරේ සිවුරුහන් බෑ කෙනෙක්. සාම්ප්‍රදායික ව ජපන් කාන්තාවන් සිවුරුහන් බෑමට අධෛර්යමත් කළත්, කාටෝ සහ සිය සිරුරු සංගීත භාණ්ඩ ලෙස යොදා ගැනීමට රිසි අනෙක් තරුණ ඉදිරිපත් කරන්නන්  ඔවුන්ගේ ම සම්ප්‍රදායක පිහිටා සිටිනවා.
/
1940 ගණන් වන තුරු සිවුරුහන් බෑම වඩා ජනප්‍රිය වුවත්, අද කාලයේ බොහෝ දෙනා එය සිදු කරන්නේ කෙසේද කියාවත් නොදන්නා තරම්. නිසි පරිදි සුසර කළ කල්හි මිනිස් මුව කොතරම් විස්මිත මෙවලමක්ද යන්න මිනිස් පෙළ වෙත ස්මරණය කර දෙන ජාත්‍යන්තර සිවුරුහන් සමුළුව වැනි වැඩසටහන් වෙත ස්තූතිවන්ත විය යුතු යි.
/
ඔව්, ඇත්තට ම සම්භාව්‍ය සංගීතය සිවුරුහනකට කැටි වූ විට කොතරම් අමන්දානන්දයක් ජනිත කරයිද? ඉතින් ඔබ එය සවන් දී ම විඳිය යුතුයි..


Luke Janssen - YouTube


2 comments:

  1. ලංකාවෙත් ඉන්නවා මේ අංශයට දක්ෂයො. මට මතකයි දයා අයිය අස්වැන්නෙත් ලියල තිබුණා ලිපියක්.

    නදීක ගුරුගේ ‍විස්ල් ගායනාවක් අහන්න ලැබුණා මට... ඇත්තටම සුවිශේෂ හැකියාවක් මේ....

    ReplyDelete
  2. මේ දිගුව ඉන්දියානු සංගමයේ ජාල නිවසට.

    http://www.whistleindia.org/

    ReplyDelete