
මැසිමෙන් මැසිම ගෙන ගොස් රළු සැකිලි අත
කුසගිනි නොතක සිහි වී රන්කිරි ම'පුත
බිඳුවෙන් බිඳුව මල මෙන් පූදනා පත
වැදු නුඹ හැදුවෙ මා පණ මෙන් සරි ව හිත
මා අත පත් ව මුව මැව් මුදු සිනා කොඳ
ඊයේ අද වගේ හිත මතු කළා පොද
උස් ලොකු මිනිසෙක් ව මා රැකගන්න පද
සෙනෙහෙන් දෙඩූ පුත යනවද අවර සඳ
නුඹට දිවි දෙන්න හද දැරු වෙර සෙනෙහේ
නුඹ හිනැහී මා අස මැව් සිහින රැහේ
අහුමුල්ලක්වත් දැක ගනු බැරි විලසේ
උණ්ඩය මල තැලුවේ නොදනිමි කෙලෙසේ
Picture - Guy Denning
ලස්සනයි. කියෙව්ව එක නම් කියෙව්වා. පුතාගෙ මලගම ගැනද කියන්නේ. යුද්දෙදි පුතා නැතිවුන අම්මා කෙනෙක්ගෙ දුක් ගැනවිලල්ක්ද. මන්ද මට තේරුනේ එහෙම.
ReplyDeleteME YUDDEDI PUTHA NATHI UNA AMMA KENEK KIYANA EKAK NEVE, RATHU PAS WALA HAMUDA PRAHARAYEN MIYA GIYA PUTHUN GENA.KIYANA EKAK
ReplyDeleteමේක බිකෝගේ පින්තුරයක්ද?
ReplyDelete