Wednesday, August 28, 2013

පහන්ට උදව් කරමුද?

කොළඹ විශ්වවිද්‍යාලයේ පහන්ගේ කතාවත් හුඟක් දුක්මුසු එකක්

ඔහුගේ ගිණුම් අංකය - Students Union ucsc 086200171173380 - මහජන බැංකුව තිඹිරිගස්යාය
වැඩි විස්තර - 0755446685 /
0777481173

r20-3ආශිර්වාද පහන් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ එම විෂයට අදාළ විද්‍යා උපාධිය හදාරන දෙවන වසරේ දක්ෂ සිසුවෙක්. නමුත් මේ වෙද්දී පහන් ඉන්නේ එතරම් හොඳ සිහි තත්ත්වයක නමෛයි. දරුණු සැත්කමකට මුහුණ දුන්න පහන් මේ වන විට සෙමින් සෙමින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා.
පහන්ගේ ඥාතීන් ඒ වගේම හිත මිතුරන් කියන විදිහට පහන්ව මේ තත්ත්වයට ගන්න දැනට රුපියල් කෝටියකට වඩා වියදම් කරලත් තිබෙනවා.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද? පහන් වෙනුවෙන් අපි මේ සටහන තබන්නේ ඇයි? ඒකට උත්තර මේ දීර්ඝ විස්තරය කියවාගෙන යන විට ඔයගොල්ලන්ට තේරුම්ගන්න පුළුවන් වේවි.
ආශිර්වාද පහන්ගේ අම්මා ඔහුව හැර යන්නේ ඔහුගේ වයස අවුරුදු 6ක් විතර වෙද්දී. හිසේ ඇතිවන ගැටිත්තක් හේතුවෙන් තමයි ඇය ඒ විදිහට මෙලොව හැර යන්නේ.
අම්මා නැතුව මෙලොව තනිවෙන ආශිර්වාද පහන්ට ආදරය සහ රැකවරණය ඉන්පසුව ලැබෙන්නේ ආදරණීය තාත්තාගෙන්. ඒ වගේම නැන්දලා මාමලාගෙන්.
ආශිර්වාද පහන් මේ විදිහට හැදෙනවා. පාසල් යනවා. මුලින්ම මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළු වන ඔහු ඉන් අනතුරුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වෙන්නේ අධ්‍යාපනයෙන් දක්වන දක්ෂතා නිසාමයි.
තර්ස්ටන් විද්‍යාලයට ඇතුළුවන ආශිර්වාද පහන් එහි විවාද කණ්ඩායමේ නායකයා වෙනවා. ඉංග්‍රීසි නිවේදකයෙක් වෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා. බටහිර තූර්යවාදක කණ්ඩායමෙත් ඉන්නවා. ඔන්න ඔය වගේ බාහිර ක්‍රියාකාරකම් රැසක ඔහු දක්ෂතා දක්වනවා.
මේ හැම දෙයක්ම මැද්දේ උසස් අධ්‍යාපන කටයුතු කරන පහන් අවසානයේදී තමයි කොළඹ විශ්වවිද්‍යාලයට පරිගණක විද්‍යා අංශයට ඇතුළු වන්නේ.
එතනදීත් ඔහු නිකන් ඉන්නේ නැහැ. විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නමෛයි හැමෝගෙම ආදරය දිනා ගන්නා අපූරු මනුස්සයෙක් වෙනවා.
r20-2“පුංචි කා‍ලේ ඉඳලම එයා එහෙම තමයි. පුදුමාකාර හොඳ ගති ගුණ ඔහු සතුව තිබුණා. ඒව කවදාවත් වෙනස් වුණේ නැහැ. මෙහෙම කිව්වේ පහන්ගේ මාමා චින්තකය.
මේ විදිහට ජීවත් වුණු පහන් එක දවසක් හිස අල්ලගෙන කෑ ගැහුවා. ඒ වේදනාව ඉවසා ගන්න බැරිව. කොහොම හරි අන්තිමට පහන්ගේ තාත්තා ඔහුව එක්කරගෙන ජයවර්ධනපුර රෝහලට ආවා.
මෙහිදී කළ සී.ටී.ස්කෑන්
පරීක්ෂණවලින් පසුව වෛද්‍යවරු නිගමනය කළා පහන්ගේ හිසේ වතුර පිරිලා කියලා.
අවසානයේදී මේ වෙනුවෙන් ශල්‍යකර්මයක් පවා සිදු කෙරුනා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නැවතත් ඒ ගැටලුවම ආවා.
“ඊට පස්සේ නැවතත්  ශල්‍යකර්මයක් සිදුකෙරුනා. ඒ
විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන්. ඒ ශල්‍යකර්මය සිදුකෙරුනේ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. “චින්r20-1තක නැවත කිව්වා.
සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහල්වල සිදු කරන ශල්‍යකර්ම සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. ආශිර්වාද පහන් වෙනුවෙනුත් ඒ වගේ මුදලක් වුවමනා වුණා. ඒ කියන්නේ රුපියල් කෝටියකට වඩා.
මේ වෙලාවේ ආශිර්වාද පහන්ගේ ජීවිතේ බේරාගන්න ඔහුගේ තාත්තා සහ ඥාතීන් වගේම විශ්වවිද්‍යාල යහළු යෙහෙළියන් වගේම ගුරුවරුත් මහ පාරට බැස්සා. ඒ කතාව අපිට කිව්වෙ පහන්ගේ කථිකාචාර්යවරියක් වූ ශිරෝමි අරුණතිලක මහත්මියයි. ඒ වගේම පහන්ගේ මිතුරු බුද්ධියි.
“පහන්ට හැමෝම ආදරෙයි. පහන් පුදුම ගති පැවැතුම් තිබෙන ළමයෙක්. එයාට අපි හැමෝම හරිම ආදරෙයි...
පහන් ලෙඩ වෙලා කියල දැනගත්තම අපි හැමෝම පුදුම වුණා. ඇයි මේ තරම් හොඳ කෙනකුට මෙහෙම වුණේ කියලා.
මේවා හිතලා තමයි අපි පාරට බැස්සෙ. අවසානයේදී අපි හිතපු නැති විදිහට බොහෝ දෙනා අපිට උදව් කළා.
මේ උදව්වලට පින්සිදුවෙන්න තමයි පහන් දැන් ශල්‍යකර්මය සිදු කරලා ප්‍රකෘති සුවය ලබමින් ඉන්නේ. කථිකාචාර්යවරිය සහ බුද්ධි කිව්වා.
මේ විදිහට ලොකු මුදලක් හොයාගෙන ගොඩගත්ත පහන්ගේ ජීවිතය රැක ගන්න තව තවත් මුදල් ඕන. ඒකට හේතුව තමයි අවුරුදු තුන හතරක් ඔහු වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවීම.
“දැන් පහන් යන්තම් අපි දිහා බලනවා. අපිව හඳුනගෙන පුංචි පුංචි ප්‍රතිචාර දක්වනවා. ඒක අපිට විශාල සතුටක්.
තවමත් පහන් වෙනුවෙන් වෙහෙසෙන එක පහන්ගේ හිතමිතුරන් අතහැර දමලා නැහැ. විවිධ ආධාර ක්‍රම හොයාගෙන ඔවුන් යම්යම් තැන්වලට යනවා.
මේ දේවල් මෙහෙම වෙද්දි පහන්ගේ අසනීප තත්ත්වය ඉවසා ගන්න බැරිවුණු ඔහුගේ තාත්තා උපාලි ශ්‍රියානන්දත් රෝගී වුණා. ඔහු හෘද රෝගයට ගොදුරුව ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නා.
දැන් පහන් වෙනුවෙන් තාත්තාට පවා වෙහෙස මහන්සි වෙන්න බැහැ.
අපිට පහන්ගේ ජීවිතේ හුඟක් වටිනවා. ඒ පහන් දක්ෂ ඒ වගේම බොහොම හොඳ ගති පැවැතුම් තිබෙන දරුවෙක් හින්දා. මේ දරුවාව අපිට බේරගන්න ඕන. ඒ නිසා තමයි ඔහු වෙනුවෙන් උදව් කරන්න කියලා අපි ඉල්ලන්නේ.”
කථිකාචාර්ය ශිරෝමි අරුණතිලක මහත්මිය කිව්වා.
පහන්ගේ පින්තූර දිහා හොඳින් බලන්න. ඔහුගේ අහිංසක පෙනුම.
මේ අය කියන ගති පැවැතුම් හා බෙහෙවින් සසැඳෙන බව ඔබටත් තේරුම් ගන්න පුළුවන් වේවි. අපි පහන්ට ආශිර්වාදයක් වෙමු. එතකොට කවදා හරි පහන් මේ සමාජයට ආශිර්වාදයක් වේවි.
ඔහුගේ ගිණුම් අංකය - Students Union ucsc 086200171173380 - මහජන බැංකුව තිඹිරිගස්යාය
වැඩි විස්තර - 0755446685 /
0777481173
සමන් ප්‍රියංකර නම්මුනිගේ

5 comments:

  1. ෆේස්බුක් එකේ ශෙයා කලා මේක ජෙනුයින් කේස් එකක්ද කියලා හොයලා බලලා කීයක් හරි මේ එකවුන්ට් එකට දාන්න කියලා ඉල්ලීමක් කරමින්.

    හොයලා බලලා යාලුවෝ අතරේ යවලා මේ එකවුන්ට් එකට පුලු පුලුවන් විදිහට ගානක් දාන්නම් . .

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි දුකා... කාට වුණත් වෙන්න පුළුවන් දේවල්නෙ, ලෙඩ දුක් කියන්නේ..

      Delete
  2. ඇත්තටම! මේක මට මග ඇරිලා. ස්තූතියි සුභාෂ් පෙන්නුවාට. අපි පිලිවන් විදිහට පහන්ට උදව් කරමු. ඔයාලත් මේ ගැන හොයලා බලලා උදව්වක් කරන්න. ඒක මහඟු පින් කමක් වෙයි.

    ReplyDelete
  3. එක එක වැඩ නිසා සල්ලි යවන එක පරක්කු උනා. . මමත් තව යාලුවෝ තුන් දෙනෙකුත් එකතු වෙලා පහල තියෙන එකවුන්ට් එකට පොඩි ගානක් යැව්වා . .

    ආයේ වෙලාවක යවන්නම්

    පහන්ට ඉක්මන් සුවය ලැබේවා . .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි, හරි ම සතුටුයි දුකා.. අහන්නත් ලැබීම.. සල්ලි තියෙන හැම මිනිහෙක්ගෙම හිත උණු වෙන් නෑ.. ඔබ සිතු පැතූ හැම හොඳ දේ ම ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනවා.. ස්තූතියි නැවත.

      Delete