Wednesday, August 28, 2013

නුගේගොඩ අලුයම

Caoimhghin Ó Croidheáin, Red Road

පියෙන් පිය සිඟන දන පසුවන
දෙස නොබල යන සිඟන දන අප වෙන
නවතින්න උස විලෝ ගස යට මුමුණන
සිහින් කෙඳිරියකි නුගේගොඩ අලුයම

උදා ඉරි නොවැටෙනා රූං පෙති යට නැවත
දවසක් ඇදී යයි හමු වෙනා තුරු හවස
අකුරු එළියට පනියි යතුරු පුවරුව පහර
මල් පිපෙන මල් හැලෙන නිමේෂය තව දුරද

Picture - Caoimhghin Ó Croidheáin, Irish

6 comments:

  1. “කඳු“ කෙල්ල, පාන්දරම කොහේ යනවද නුගේගොඩ?? :D

    ReplyDelete
    Replies
    1. සැම දා යා යුතු ම ගමනක්.

      Delete
  2. කවියක් ලියලා යන්නත් හිතයි. ඒ උනාට මොකද මන්දා හිතට අප්සැට්..
    ලස්සන නිර්මාණයක්. උඩ තියන පේන්ට් එකත් පට්ට. වෙන දවසකට කවියක් බැඳලා යන්නම් කෝ...

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. නුගේගොඩට ගැලපෙන අයර්ලන්ත චිත්‍රයක්..!! මගේ බ්ලොග් එකේ කවි වලට වඩා මම කැමති මේ ඝනීභවනය වුණු අකුරුවලටයි...

      හිත හිතා ඉන්නේ මොකටද, ලියා යන්න කවියක්

      Delete
  3. නුගේගොඩ මා උපන් බිම.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, මේ තරම් ම කර්කශ :)

      Delete