Monday, August 26, 2013

මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරමි

Sinziana Stoicescu, Love Today by Cliodne

මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරමි
කිසිවෙකුට නොව මගේ හදවතට
වහා නවතනු ගිගුම් දීම
අකුණු සර හා විදිලි කෙටුම
බලාතික්‍රමණය නොකරනු
නිශ්චලත්වය නොමඳ

නවත්වනු ලබ් ඩබ් නාදය
දරාගත හැකි වනු ලෙස
වින්දිතයාට නිහඬ
අරුත් නිපැයුම් උවමනා නැත
ලබා දෙනු නිහඬ බව
නැවත මා හද වෙත

Picture - Sinziana Stoicescu, Romanian

1 comment:

  1. හදවත නැවතුනොත් මැරෙනවා නොවෙද?

    ReplyDelete