Saturday, May 18, 2013

මට අරන් එන්න කඳුළක්


මට අරන් එන්න කඳුළක්
එක ම එක කඳුළක්
උණුසුම් මතක පොදියක දියවුණු
සීතල ම කඳුළක්
කඳුළක්

කොළ පාට නිම්නයක ඇවිදින
නිල් පාට කඳුළක්
ආලයේ සුසුමකින් තෙත් වුණු
පාට නැති කඳුළක්
මට අරන් එන්න කඳුළක්

සුසුමකට ඇවිලෙන ළය පුරා
කඳුළකට වුව සැණින නැඟෙනා
වියළි ධනපති හදක හස නොව
දෙන්න මට කඳුළක්
ඔබේ හද ගැඹරින් ම විකසිත
උණුසුම් ම කඳුළක්
උණුසුම් ම කඳුළක්


pic. - Intoxicating with Nicholas Sparks, from "Safe Haven"

2 comments:

  1. කඳුළ ඉතින් සමාවෙයන්...

    ReplyDelete
  2. කදුල වෙනුවට සිනාව පතන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete