
පුදුවෛයි මගේ හද ගැහෙනවා ඔබෙ හඬට
ඇයි අපට එකට ඉන්න බැරි වුණේ අහන කොට
තව ම මැයි පිපෙනවා තමයි පටු පාරවල
පිනි බිංදුවක ගැහෙන සීත නොම හඳුනගෙන
පුදුවෛ කෝ.. පුදුවෛ කෝ..
මගේ හද මෙන් ගැහුණු හද කෝ
දරන්නට බැරි වුණා විය හැක
ඔබට ඔබ ඇස සියලු අණ විණ
ගොලු ව බිහිරි ව දරා ඉන්නේ
අපිත් අපෙ හද ගැහෙන සෝ දුක
කවියෙක් ගිනි බිඳිනා ත්රස්තවාදියෙක් වන්නේ කොහොමද
දුන්නොත් මා අතට දුන්නක් මා හී නොබිඳීවිද
සම ලේ රුහිරු සිදුරු කර දැනෙන
අයුක්තිය කිසි දා ඉවසම්ද
එය යි මගෙ පණ ගැහෙන තැන
එය යි මගෙ හිත ලිහෙන තැන
ගොලුවන් බිහිරන් වගේ හිටියද
pic. - Bob Barker
Super
ReplyDeleteකවියෙක් ගිනි බිඳිනා ත්රස්තවාදියෙක් වන්නේ කොහොමද
ReplyDelete