
වස්සානය වසත් ගෙන ගියේ කොතැනටද
මැයි පාට සිහිනයක නිදන නිල කම්කරුව
ගිලී ගිය ඇසෙහි පඬු පැහැය ඇත මිය ඇදුණ
අද රෑට ඉඳින් ලිප ගිනි ගෙපැල මෙලවේද
කෙඩත්තු ව ගිය දෙපා කවුරු නම් අමතාද
වක ගැසුණු සිහිනයක සීතලේ මිය යාද?
[ඔබේ සිහිනය උදුරගත්ත රුදු මිනිසුන් ම
රථ පෙළහරින නුඹ වඩම්මන නාටකය
වසරකට වතාවක් උරගා බලන්නෙද?
වන්දනා ගමනක් විලාසෙන් සිතන්නෙද?
කිසි දෙයක් වෙනස් නැති ජීවිතය හෙටත් ඇත
උදෑසන වැඩට යන පිණිස දැන් නිදන්නෙද?]
pic. - Kate Gridnev, Ukrainian
No comments:
Post a Comment