
කඳු බඳ
බැඳි ළඳ
බොන මද
මුවරද
විඳ විඳ හද බඳ
අමිහිර දුක කඳ
ගිලිහුණු කවි පද
සොයමිය වන මැද
හඬ හඬ
මැඩ හඬ
වසමි ය
බිම මඩ
නුඹ දුර සකිසඳ
සතුටු සිනා මැද
නොවියළි පිනි පොද
විසිරෙයි මල සිඳ
පැහැ මල සපද
'කුරු පෙම පබද
මුහුදක සුපෙඳ
සිඹිමි පියබඳ
pic. - Akzhan Abdalieva, Kazakhstanian
No comments:
Post a Comment