Wednesday, May 1, 2013

පෙමක් නම් නුඹ මැ මිස පෙම් හදක් කොයි



විලක් නම් විලට සම වැදි මලක් කොයි
දොළක් නම් දොළෙහි විසිරෙන රළක් කොයි
සයුර නම් සයුර කලඹන කඳුළ කොයි
පෙමක් නම් නුඹ මැ මිස පෙම් හදක් කොයි

හමුවන දිනක විරසක නොම තකන්නයි
සා මුව ළපටි මුව මඳහස නැඟෙන්නයි
වැස්සක් සමඟ හදවත දුර නොයන්නයි
සේදුණු පස පොහොණි වී මල් පිපෙන්නයි


pic. - John Leslie Breck, American, 1860 - 1899

No comments:

Post a Comment