Wednesday, May 15, 2013

සිත සිසිර සෘතුවක අවතැන් විය



රළ බිඳින මුහුද
දැක සයුරිම ඉර
නිල සළු අතහැර
මඩ පැහැ විය

නිල බිඳින නිසිර සරතැස දැක දැක
සිත සිසිර සෘතුවක අවතැන් විය
හිම මලින වපුළ සිසිලස සිහි කොට
විඳි සනහස යස බොර දිය සුරැකිණ

පස මිතුරු පසස නෙතගින දුටු අස
බොර යට කිමිදුණු සැළමුතු සකිසඳ
අර කවර විනිස යස පෙම රස මිස
අවලාදය සැඟ වූ ඉස අබ කුස

.
pic. - Van Gogh_sembrados-y-campos-de-trigo

No comments:

Post a Comment