Monday, May 20, 2013

මීදුම් සිතුවම්



Malithi Wijesekara
මීදුම, ගඟක් මෙන්.
පල්ලියක උස් වහල
තනිව,
සැඩ දියේ දුර

Samara Wijesinghe
නැගිට ඔසවා බලන් හිස
දුර පෙනෙන ලෙස
දේව මැදුරක
කුලුන ලෙස

Malithi Wijesekara .
ඉහළ මාලයක
මීදුම් ගඟ මැද

Shasika Amali Munasinghe .
හරි ම සුන්දර යි මිතුරිය..
කඳු රෑන් රෑනක් මැද මා තනි කරන
ඇසේද පියානෝ හඬ
මල් පිපිණු ගසකට සෙමෙර ලන
වලකුළු දෑතින් දෙපස කර
දිව එන්න පුළුවනිද මොහොතකට
කෝපි මල් හාදුවක් ඇත දෙන්න
මා කුඩා අත්ලේහි සිර කළ.

Rasika Gunawardana .
සීනුවක හඬ
මිහිදුම මඳක්
සලිත කර.

Manel K R Fernando
ගැයෙන ගීතිකා වල
ඉමිහිරි ස්වර
හිම මල්පෙති වැනිව
අලසව
ඔහේ පාවෙන...!

Rasika Gunawardana .
උස් තුරක්
ලොම් ගස්සා
අතහරී
හිම මල්
මීදුමට.

Himali N. Liyanage
කෙනෙක් ජනෙල් තිර අතර
එළියක්
කනප්පුව උඩ නිවා නැත පහන.

Rasika Gunawardana .
නිල් පාට ගෙය
සුදෙන් අයිසින් කර
බළල් ඇසක් මෙනි
කවුළුව .

Shasika Amali Munasinghe .
අද වැසි දවසක් නෙමෙයි
මට බෑ ලියන්න
අපොයි! තද ගිම්හාන සුළඟ

Shasika Amali Munasinghe .
ග්‍රීෂ්ම සුළං
සොලවයි කවුළුපත
අන්න, ඉගිලෙන ලියුමක්
කවුළුවෙන් 'පිට

Shasika Amali Munasinghe .
වෘක ඇසක්
වැතිරෙයි වියළි පත් යට
කුණාටුව පහ ව යයි
ඉනික්බිති සති කිහිපෙකට

Shasika Amali Munasinghe .
හිම වැස්ස යට
විලියෙන් විකසිත ව
සැඟව යයි මිහිදුම

Shasika Amali Munasinghe .
නින්නාද වේ වෘක ගීතිකාවක්
පල්ලියේ සීනු හඬ පසු කොට
කන්‍යා සොයුරියක් මැස්මක් මස යි
උස් කවුළුවක් අස

Rasika Gunawardana .
රතු හැට්ටකාරිය
පැසක් ගෙන
නෙලමින් යයි
බිම් මල්.

Shasika Amali Munasinghe .
වලාකුළු මැස්මෙන් මිදුණු
බළල් ඇසක්
කඩා වැටේ කඳු මතට

Rasika Gunawardana .
නිදියයි
කඳු
බළල් ඇස් වසාගෙන.
නොනිදයි
රාත්‍රිය.

Shasika Amali Munasinghe .
රාත්‍රියෙහි
කොළ පැහැති
රූපවාහිනී එළි මෙන්
එහෙ මෙහෙ දුවයි
අමතක ව ගිය කවි

Samara Wijesinghe .
ඉඩක් නොලැබෙන හැටි
මට

Shasika Amali Munasinghe .
මං කොහොම අමතක කරන්නද
ඩේසි දියත්ත
මගේ ආලයෙන්
වහන් වුණ

Rasika Gunawardana .
දියවෙන හිම මත
ඩේසි මල් පෙති.

Shasika Amali Munasinghe .
ඔයා කැමතිද ගහන් එන්න
සුවඳ ගුලාවක් මෙන්
මං අතරට
බඹර ගෝඨ එල්ලුණ
ගහ යට දිය කඩිත්තක
හකුරු මුලක් හංගන්න

Himali N. Liyanage
අකලට ඉර එබෙන විට
එහෙම වෙනවා මල් පෙති වලට

Shasika Amali Munasinghe .
ගෝන මුවක් එසවෙයි
කන්දෙන් එබෙන
ඉර දැක

Himali N. Liyanage
හිමින් ඇවිදින්න
ඇහ්නෙවා උන්ට
පොඩි සද්ද.

Rasika Gunawardana .
මෝරයි
තණ පත්
මුවන් මුව නොගැසුව .

Shasika Amali Munasinghe .
පාලම් යටින්
ගලයි රන්පාට එළි

Malithi Wijesekara .
මේතරම් සිතුවම්!
සතුටින් මම

(අනවසරයෙන් පළ කරන ලදී. ඔබට මෙය අඛණ්ඩකරණය කළ හැක.)

pic. - vultus.stblogs.org/2009/05/when-a-priest-goes-astray.html

1 comment:

  1. දැඩි සුළඟ, ශීතල
    මිහිදුමෙහි දියවෙයි
    කඳු මුදුන

    ReplyDelete