
මිතුර මට සමාවන්න
මහා ධන සම්භාරයක් වටිනා
ඔබේ පොත රැගෙන ආවෙමි අඩු මිලට
නොවිකිණී දූවිලි බැඳි බැඳී තිබෙන විට
අලෙවි හල රාක්කයක
මුණ ගැසුණි මට ඔබේ පොත
රැගෙන ආවෙමි මම ඔබේ පොත අඩු මිලට
එහෙත් මට කතා කරගන්නට බැරි විය
තිබුණාක් මෙන් මගෙ පොතක් එලෙස
පිටුවෙන් පිටුව කියවීමි
කොතරම් මිහිරි දේ ලියා තිබෙනවාද ඔබ
කොතරම් චිත්‍ර ඇඳ තිබෙනවාද අකුරු මත
ගමන් බිමන් යන අතර පවා මම
සිහි කරමි ඔබේ 'කුරු නිබඳව
මගේ හදවත මත තබා පොත
ගෙවන්නෙමි මම එහි මිල
Picture - Eduardo Naranjo, Spanish, born 1944
///මගේ හදවත මත තබා පොත
ReplyDeleteගෙවන්නෙමි මම එහි මිල/////
++++++
ස්තූතියි :)
Deleteඑල !
ReplyDelete:) ස්තූතියි!
Deleteඇයි මේ පොස්ටුව මාව පාරවන්නේ??????
ReplyDeleteඋඹටත් තුට්ටු දෙකට ඒ පොත ගන්ට බැරිවෙච්චි හින්ද...වෙන ආය අහවල් දේකටද?
Delete