Wednesday, October 29, 2014

සමනලයෙක් වෙන්න!



ගිනි පුපුරකට බැරිද සමනලයෙක් වෙන්න*
උස් අහස පීරා කඳු මුහුළ දැවටෙන්න
නිල් සයුර කලඹන්න
තඹර 'දර නැවතෙන්න
සමනලයෙක් වෙන්න
සමනලයෙක් වෙන්න

කෝවිලේ පහන් වැට වගේ ඔබ
මා හදේ නිබඳ දැල්වේ
බැරිද දුනු හී අකුණු අතර මඟ වලලන්න
සමනලයෙක් වෙන්න!

*inspired by Tharurasi
Picture - You know what :)

3 comments:

  1. සෙල්ලිගේ කරාඹුව
    හපුතලේ උකස් කඩයට
    බාර දීලා යන්නට
    ආ නිසා මහා පාන්දර
    පණ බේරුනා කිව්වා
    පියාපත් තෙමී වැහැරුණු
    ලැයිමේ උන් සමනලෙක්

    කෝවිලේ වහල ගැලවී
    මල්පාත්තිත් එක්කම
    දියළුම එක්ක ගියවග
    කියා ආපිට ඉගිලුනා
    ඔලුව ගහගන්න කියලා
    හපුතලේ කන්ද මත්තෙම

    ReplyDelete
    Replies
    1. අනේ මම මේක ලියද්දි දැනගෙන හිටියෙ නැහැ!

      දියලුමට නවතන්න බැරි වේවි ඇගෙ හැඬුම්!

      කඳු මුදුන් ගැලවිලා වැටෙනවා බිමට
      විසිරි මිණි ගිලිහිලා ගඟට
      දියලුමට වුණත් හැකි අඬන්නට විතරයි
      මඩ වගුරු මිස කොහිද මල් පිපෙන නිම්න දැන්!

      ගැලවිලා බිමට වැටෙනව මිසක
      කඳු මුදුනකට වුව නැත උවම්!

      Delete