
සුළඟ හා බිමට පාත් වෙන
ඕක් මේපල් පත් යටින් ඇවිද යන කල ඔබ
හිස රැඳෙන ඕක් පතක් අහුලා
එවන්නට හැකිද මට
උදෑසන පිනි බිඳු හා
සෝවියට් සීත සුළඟින් නැහැවෙන
සවස් කල රන්වන් තණ බිම් මතට පාත් වෙන
පියෝනී මලක් පුළුවනිද එවන්න
කොතරම් ලියා තිබුණත්
ඕක් මේපල් විස්ටාරියා මල් ගැන
මිතුරිය අමතකද ඔබට
පෙම් බඳින තුරු පත් මල් පෙතිවලටත්
දේශ සීමා ඇති වග
පියෝනී මලකට කියනවද?
විස්ටාරියා මලකට
Picture - Theodore Clement Steele, American, 1847 - 1926, Flower Garden at Brookville
කුරුළු පිහාටුවක් එවන්නද පොඩි මල්ලි අතේ..
ReplyDeleteඕක් පත් කීයක් එවන්නද :D
ReplyDeleteඑකක් හොඳටෝම ඇති අරූ
Deleteහරිම සංවේදීව දැනුනා. හරිම අනුකම්පාවක් දැණුනා. භෞතික සීමා වලින් ආධ්‍යාත්මික බැඳීමක් සීමාකරන්නෙ කොහොමද..
ReplyDelete