
"ආදරණීය මයිකල්,
බාස්කට් බෝල තරගයට
මා රැගෙන ගියාට ස්තූතියි
- ලිලී"
බා'ගේන් පොත්හලට ගොඩ වැදුණෙමි
මුල් පිට ලියා තිබුණි ඔහුට ස්තූති කොට
මා නොදන්නා කතාවක්ද මේ
මා දන්නා කතාවක්ද මිතුර
හෙමිහිට ගෙන ගියෙමි ඇඟිලි තුඩු
කුරුමිණි අකුරු පසුකර
ස්තූතිය මොනතරං සෙනෙහසක්ද
ස්තූතියි මා ගෙන ගියාට තරගයට
මයිකල් මම ඔබ අතේ එල්ලී
ඔල්වරසන් දෙමින් හිනැහෙමින්
නැරඹුම් පඩි පෙළේ රැඳී සිටින විට
මා මුහුණ ඔබෙන් හාදුවක් පැතූ බව
නොලියා ලියා තිබෙනවද 'කුරු 'තර
ඒත් ඇයි මගෙ හදවත
සූරමින් මේ පොත මෙතැන
මා ඔබට දුන් පොතක්
හමුවුණාක් මෙන් සල්පිලක අහම්බෙන්
හඬන්නට ළඟය මගෙ හිත
ඒත් මයිකල් ස්තූතියි
රැගෙන ගියාට මා බාස්කට් බෝල තරගෙට
Picture - Alfred Mitchell, American, 1888 - 1972
පැසිපන්දු තරඟයට,
ReplyDeleteනොබෝ කලකට පසුව,
ඔබ මා අතැ'ර ගිය සඳ එක්වනම,
දවමින් මහද අනවරත ගින්නක,
සිත රිදවන තියුණු සැතකින් මෙන,
ගිනි තැබූයෙමි සියළු පෙර සොඳුරු මතක,
එතෙකුදු පොතක් ගිණි තැබුමට,
මසිත ඉඩ නොදෙන සඳ???????????
ආ....
Deleteමම ලියනවා ඔබ මා අතැර ගිය බව
ඔබ කියනවා මා ඔබව අතැර ගිය බව
ඔබට ඔය හැටිම අමතක නම්
ඔබ කියන විදිහට
අප හමුවෙලාවත් නැද්ද..?
අමතකද තල්ලු කර මගෙ අත
නොදන්නා විලාසෙන් ඇවිද ගිය හැටි
ඈ..තට!