Friday, October 3, 2014

'කවි ලියන්නට බෑ'



'කවි ලියන්නට බෑ'
රෑට පාඩම් මේසයේ
ගොඩ ගැසූ පොත් කෑ ගසනවා
මේ තත්පරෙත් මට ඕනෑ
කෙටි සටහන් හුස්ම ඇද ඇද කියනවා

දවාලෙට කන්තෝරු වැඩ පිරෙනවා
හිතට එන ඉස්පිලි පවා
එක හුස්මකින් මකනවා
නළලතම රැළි නැඟෙනවා
කඳුළු විතරක් වැටෙන වැස්සට
පනින්නට මට හිතෙනවා
මැකෙන්නට පෙර සියලු වැහි බිඳු
උරා බොන්නට හිතෙනවා

Picture - Mihai Olteanu

3 comments:

  1. හිතිලා නවතින එක හොදයි..නැත්තං පැනලා මැරුනොත් තව මලගෙයක් නෙව..අපිට නිවාඩු නැහැ.

    ReplyDelete
    Replies
    1. නිවාඩු තිබ්බොත් මළ ගෙදර එන්නකො එහෙනං..

      Delete
  2. අකුරු එකමයි
    ඒත්
    අරුත විසමයි

    ReplyDelete