Wednesday, October 29, 2014

මේ කවිය විසි කරමි අහසට!



නුබ ගැසූ කම්මුල් පහරට
ගැලවිලා විසි වුණා කඳු බඳ
ලේ ගලන වගුරක්ව හදවත
වැළලුණා සීතල කඳුරු යට
සුරුවමට මල් තියද්දිත් අපි
මිමිණුවේ පෙම් බැන්ඳු කඳු ගැන
පිහිට ආරක්සාව දෙන්නට
පොලතු වහලින් පෙනෙන අහසට

මලක් ඉල්ලූ නමුත් කිසි විට
මලක් නොලදෙන් පරළු දෑතට
මේ කවිය විසි කරමි අහසට
නිදමි පස් යට පුරුදු විදිහට

Picture - Arthur Dove (American, Modernism, 1880–1946): Red Sun

1 comment:

  1. මේ කවි කියවේවම මට නම් හරියට පිස්සු වගේ.. අනේ මංදා...

    ReplyDelete