Tuesday, March 31, 2015

විරහවෙන් පෙළෙනවා යන්නෙහි තේරුම



විරහවෙන් පෙළෙන කිසිවෙකු
මෝහයෙන් මිදෙන්නේ නැත
විරහවෙන් පෙළෙනවා යන්නෙහි
තේරුමත් ඒකය

ගසා දැමූ බිත්තරයක පැහැයෙන්
සන්ධ්‍යා අහස තැවෙන කල
බලා සිටින්නා මෙන්ය නොනැවත
වඩින්නා යැයි හිරු සුපෙම්වත

සුපිරිසිදු නැත, බොරය
දෙගොඩ තලා ගිය කල ගඟ වතුර
තාරකා'ළියටවත් නොපා කැඩපත
රළ නඟන්නෙය මහ මුහුද

Picture - Alfred Sisley, French, 1839 - 1899

11 comments:

  1. හරිම ලස්සනයි,, ඔයා මගේ කවියා ..

    ReplyDelete
    Replies
    1. කවියන් කියා කොටහක් නෑ අපූර්වී.. ඉන්නෙ නිකං මිනිස්සු විතරයි.. :)

      Delete
    2. හැම මිනිහටම කවි ලියන්නත් පුළුවන් ඇති අපි කැමති වචන නැති හි හි .. කෙසේ නමුත් නංගි/අක්කා ඔබේ කවි මට නම් එකක් නෑර අනර්ගයි

      Delete
  2. හිස් තැන පියවගන්න කෙනෙක් හෝ ක්‍රමයක් ලැබෙන තාක් මෝහයෙන් මොහයටම යෑමයි ස්වභාවය ...

    ReplyDelete
  3. වෙල්කම් shan අයියේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අපූර්වී ... කොහොමද ඔයාලට ...

      Delete
    2. මේල් එකක් එවන්න අයියේ .

      Delete
  4. මිහිඳුම් සළු සේල ඉරමින් වතපාන
    කඳුකර කොමලියේ ඔබෙ රුව අසමාන
    නුබ කුස සිප ගන්න නුඹ බලනා මාන
    සොඳුරිය නුඹ නෙන්ම මම දකිනෙමි හීන..

    මේ කඳු ගැන අපේ අම්මා මීට තිස් අවුරුද්දකට විතර කලින් නමුණුකුළ පාමුල ඉඳන්ම ලියූ කවියක්.. 'කඳු' ගැන බොහෝ දෙනෙකු එදා නෙළුම් යාය වෙලාවේ කතා කරනවා අහං හිටියත් අද තමයි මේ සබැඳිය ලැබුනේ.. ගමේ කවිකාරියක් අඳුනා ගැනීමට ලැබීම සතුටක්.. ඉසිඹුවක් ලද විටෙක කලාහිතටත් ගොඩ වෙන්න. ජය ශ්‍රී!

    ReplyDelete
  5. හරිම ලස්සනයි,, ඔයා මගේ කවියා ..:)

    ReplyDelete