Tuesday, March 17, 2015

මඟ ඇරෙන්නට ඇති



මුළු චිත්‍රපටියම විරහවේ වේදනාවෙන් 
දෝංකාර දෙන්නට විය
සංගීතය වුව විලාපයක්ය
ඔහු සිටි තැනට තබා බැලුවෙමි වෙන අය
මගේ හද මත මහා හැඬුමක් විය

_____________________________

බැස ඔබ තුළට
ඔබ නොවන ඔබ හැර යන්න
බිඳෙන් බිඳ මකනයෙන් බිඳුණු තැන්
පිරි මදින්නට දෙන්න

_____________________________

ඔබ අත අත් හැරුණෙක පවා කවියකි
එහෙත් එය ඉකි බිඳින කවියකි
___________________________

මට වැරදුණේ නැත
මඟ හැරුණේද නැත ඔබ
ඔබට වැරදෙන්න ඇති
මඟ ඇරෙන්නට ඇති මම

Picture - Atanas Matsoureff

7 comments:

  1. ලස්සනයි. . ඇයි විරහවම මාතෘකාව කරගන්නේ.. දාමුකෝ ප්‍රේමනීය කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. ආපස්සට ගිහින් බලන්නකෝ, මාසයක් දෙකක් එක දිගට කියවන්න පෙම් කවි ඇති! :)

      Delete
  2. මට ඔබ මඟ හැරුණු විට
    මඟ හැරිණි, මට මාවම
    තැන තැන සොයමි හැම දින
    සොරාගෙන ගොස් ඔබ, නොතිබුණු දෙය.

    ReplyDelete
  3. හැම එකක්ම වගේ මේකත් සුපිරි
    මම වැඩිපුරම කැමති අලුත් යෙදුම් වලට
    බිඳෙන් බිඳ මකනයෙන් බිඳුණු තැන් වගේ
    ජයවේවා!

    ReplyDelete
  4. //ඔබට වැරදෙන්න ඇති
    මඟ ඇරෙන්නට ඇති මම//

    නියමයි.. ජය!!!

    ReplyDelete
  5. වැරදීමක් උනොත් මග හැරෙනවා... සාමාන්‍යයි..

    ReplyDelete