Sunday, March 22, 2015

යතුරු කැරැල්ලක සීනු හඬ


රැයෙහි මට ඇසුණි
යතුරු කැරැල්ලක සීනු හඬ නින්නාද දෙන
හද අගුල තර කර ගත යුතුය සිතුණි මට
කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙස
එහෙත් හැර තිබුණි දොර පුරුදු ලෙස

ඈතින් නාද දුණි මහ මුහුද නිබඳව
කුඩා සිප්පි කටුවක් මඳ සිනා නැඟුවා නිසලව

Picture - Atanas Matsoureff

13 comments:

  1. අාවා බැලුවා ගියා

    ReplyDelete
  2. හද අගුල තද කර නොගත්තේ කිම
    ඇයිද දොර හැර තැබුවේ පුරුදු ලෙස

    ReplyDelete
    Replies
    1. දොර හැර තැබූවෙමි මිතුර
      අගුලු ලා නොතැබුවෙමි ස්මරණ
      පලවා හැරියෙමි
      විද්‍යාව ඉපැදිණි
      මහ මුහුදට වුවත් නොසැලිණි
      එබැවිනි කුඩා සිප්පි කටුවක් සිනා නඟන්නේ

      Delete
  3. හිත රවට්ටා ගැනීම හැම තිස්සෙම අසාර්ථකයි නේද?

    ReplyDelete
    Replies
    1. හිත තරණය කරන්නයි ඕනෑ..

      Delete
  4. Last night,
    I heard the resonating clink of a
    bunch of keys.
    I thought I must fasten
    the lock of my heart,
    So that no one could enter.
    But, the door was open as usual.

    The sea resonated constantly in the far,
    A tiny sea shell smiled gently in silence.

    ReplyDelete
    Replies
    1. Love it!! ♥ Thank you so much!!!

      Delete
    2. අනේ, ඔබට පුළුවන් වුණා නම්, වංග පොත් පරිවර්තනය කරන්න, මම හැම මොහොතකම හිතනවා..

      Delete