Friday, March 13, 2015

ගෙජ්ජි හඬ වැස්ස


බිබිලට තද වැස්ස
හිකි හිකි ගා කජු කොළ හිනාවෙනවැති
ගෙජ්ජි හඬකින් දිය පිරී දොළ ගලනවැති
හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති
තටු ගසා සැඟවුණු කොවුලෙක්
අවුරුදු ළඟැයි ගයන්නට තනනව ඇති

මදටිය, ඔළිඳ ඇට යටි වියන යට සැඟවෙනවැති
කෝච්චියක් මොකටදැයි හිවලෙක් හඬ නඟා අහනවැති
තිඹිරි ගස් තැඹිලි පැහැ මිණි මාල දියෙන් ඔප දමනව ඇති
අම්මා විතරක් බංකුවට විත් මහ පාර බලනව ඇති

Picture - Robert Hagan

9 comments:

  1. කොළඹට මද වැස්සකුත් තිබුනා..

    ReplyDelete
    Replies
    1. කොළඹට මඳ වැස්සකුත් තිබුණා..

      Delete
  2. මහ උනත් මඳ උනත්
    වැස්සකට නොතෙමි - තෙමුනත්
    හුස්මක් ගන්න බැරි උනත්
    ගම යන්න තහනම් කියා දුක් උනත්..

    එනවගක් කිව්වත් නැතත්
    තෙමෙන වැස්සක හිරිකඩක්
    රැගෙන එන මව් සුසුම් ගුලියක්
    පුළුස්සයි මගේ නහර රෑකත්

    ReplyDelete
  3. //හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති//

    කොයි තරම් ලස්සනට පද ගැටගහලාද??? මේක තමයි කවීත්වය කදු... දකින දේ වෙනස් ම විදිහට දැකීම සහ සුන්දරව ඉදිරිපත් කිරීම

    ReplyDelete
    Replies
    1. මටත් මැවිලා පෙවුණා හබරළ කොළ උඩට වැටෙන වතුර බිංදු වල ඒ ලස්සන ,,නියමයි කඳු ,,,

      Delete
  4. //හිකි හිකි ගා කජු කොළ හිනාවෙනවැති
    ගෙජ්ජි හඬකින් දිය පිරී දොළ ගලනවැති
    හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති//
    අපූරුයි!!

    ReplyDelete
  5. මඩොල්සිම කඳු සිරස,
    වැසී යන වැහි ඇල්ල,
    පහන්සිල නිවන්නට,
    දඟ කරන සුළං රොද,

    දෑතින්ම තරව ගෙන,
    දුම් දමන තේ බඳුන,
    පිළෙහි හිඳ හිරිකඩට,
    තෙමෙන්නේ කවදාද?

    දාන්න පහක්..බොහොම අපූරුයි කඳු!!!

    ReplyDelete
  6. හරි ලස්සනයි, පිළිතුරු! ස්තූතියි!!

    ReplyDelete