Sunday, March 15, 2015

Fifty Shades of Grey



විරහවේ වේදනාව
සියුම් ඉරිතලවලින් කපා හැරියෙමි
සිතේ තැන් තැන් බිඳී ලේ ගලයි
"සිඹින්නට දෙන්න ඔබ ලවන
විඳින්නට දෙන්න කෙස රළු උවන"
මහා වැස්සක්ව හිත කෑ ගසයි
විරහවේ වේදනා ඉරිතලයි

රාත්‍රිය පහන් වෙයි
තනිකම අඳුර වෙන් කරයි
කුඩා දරුවෙකු රැඳී ඇති තැනෙක ඔබ සිත
පීරා පෙම්වතෙකු සොයා ගත නොහැකිමද
ඔබ ඔබ වෙන මඟ, ඔබ නොවන කල

සිරකරලන්න ගෙල
බැඳ ලන්න දෙපා අත්
ඒත් සකිසඳ
මුදාලනු මැන ම'හද

2 comments:

  1. ලස්සන ෆිල්ම් එකක් වගේම ලස්න කවියක්.ඔයවගේම අත්පත් කරගැනීමේ තන්හාව වගේම වේදනාව ලස්සනට පෙන්නන තවත් එකක් "Serena" .ඒකත් බලන්න.

    ReplyDelete
  2. නැවුම් කියමන්
    ජය!

    ReplyDelete