Monday, April 6, 2015

සියක් චුම්බන තබා හද මත


අසනි වැසි වැස ගොර බිරම් අස
හඬන සියපත මඩින පිරිපත
සියක් චුම්බන තබා හද මත
ම'හද සුව කළ මැනව හිමි සඳ

උදා කල කලබල අහස මැද
කලා සොළොසක පොහෝ දා සඳ
බැස යන්ට හද නොරිසි තාපෙන
මිලින කර හෝ නදී කැළඹිණ

අහස ඔබමැයි ගඟද ඔබමැයි
නුබ අඳුරු කළ රැයද ඔබමැයි
එවන් නුබකින් මුදා නොහැරා
සඳක් වී යළි
උදාවන්නට ඉඩහරිනු මැන

සියක් චුම්බන තබා හද මත
ම'හද සුව කළ මැනව හිමි සඳ

PictureJohn Atkinson Grimshaw

5 comments:

  1. ජයවේ කඳු
    පැදිපෙළ ඉතා අගෙයි

    ReplyDelete
  2. අගෙයි කදු.... පේරා වල මතක් වුනේ ... අැයි දන්නෑ

    ReplyDelete
  3. ලස්සනයි... අහසක් එක්ක ලියලා තියෙන විදිය හරිම අපුරුයි

    ReplyDelete
  4. හරිම සුන්දරයි අමාලි! :)

    ReplyDelete
  5. අපූරුයි කඳු!!

    මුරුගසන් වරුසාව,
    ඇදවැටෙන පියසි මත,
    අසාගෙන හිඳින්නෙමි,
    නෙතු තදින් පියාගමි,

    කල්ප කාලෙකට පෙර,
    ඔබ දෙතොල පහස ලද,
    කොපුල්තල පිරිමදිමි,
    සුසුමකට ඉඩ දුනිමි.

    ReplyDelete