
මඳ ගන අඳුර
තරු පිරුණු රැය
වර්ෂාව වී වහිනු මැන
තරු 'ළිය කුමට
ඈ යුග නයන
අන්සතු වු බව කියන කල
තරු එළිය බිඳවා
වර්ෂාව වී වහිනු මැන
උයනට කුමට මල්කම් සුමට
ලවන මුදු සිහි ගෙනෙන කල
ගං-හෝ දියෙන් වන වසනු මැන
දෙපිය සටහන් මකනු මැන
විහඟුනි කිමද මී මියැසි සර
මුනිවතින් කවි කියනු මැන
බිඳි හද වළප නොම ඇසෙන ලෙද
සයුරු ගොස වී හිඳිනු මැන
Picture - Eduard Gordeev
හැමදාම අගය කරනවා වගේම ඔබේ නිර්මාණයන් හරිම ලස්සනයි
ReplyDelete