Sunday, March 15, 2015

මං කැමති යන්න - ආයෙම නොඑන්න



මං කැමති යන්න
ආයෙම නොඑන්න
වතු සුදු මල් අඬන කොට ගිලන් වූ විලාසෙන්
මන්දාරමක් වගේ තනි වෙලා ඉන්න
මං කැමති යන්න
ආයෙම නො එන්න

වලා උගුරක් උරා කඳු හිස
මිහිදුම මුදා හැර නිම්නය
මං කැමති මල් සුවඳ වෙලා ඉන්න
සුළඟ හා පාවෙලා යන්න

කලා සිඳවා අමාවක රැය
පහන් තරුවක් වැටේ ගඟ දිය
මං කැමති මුනිවත දරා ගන්න
නිසල වී නික්මිලා යන්න

Picture - Rudolf von Alt (1812-1905)

2 comments:

  1. සුන්දරයි කදූ......................

    අැත්තට ම ඒ චිත්‍රය දැක්කා ම මතක් වුණ කතාවක් කියන්නම්...... මමත් ජීවිතේ විවිධ හැලහැප්පිලි මැද විවිධ රැකියා කර කර හිටියා...... ඒත් අන්තිමට කවුරු හරි විසින් පාලනය කරා වගේ ජීවිතේ පැතූ තැනට ම ගිහින් පදිංචි වෙන්න ලැබුණා.... සුන්දර පරිසරය..... සිසිල් සුළග...... කවදා හරි මැරෙන්න කලින් ඒහෙට යනවා කියලා හිතාගෙන හිටපු තැන ම දැන් මට ඉන්න පුළුවනි... ඒත් ඉවරයක් නැති වැඩ නිසා තමයි කරදරේ..... ඒත් කොහොම හරි ජීවිතය විදිනවා දැන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කිව්වේ, මොනතරං සුන්දරද කඳුකරයක ජීවත්වෙන එක!! නවතින්න කඳු කරයෙම, සුන්දර වේවි බොහොම දේවල්!!

      මම කැමතිම තැනක් තමයි දඹතැන්න. අවුරුද්දකට තුන්පාරක්වත් මම එහේ යනවා. ඒ සුන්දරත්වය දරාගන්න බැරිතරං. සිරුර නොපෙනී ගිහින් හිත පුපුරලා යන්න හදනවා.. ඇස් දෙකට උරාගන්න බැරි තරං ලස්සනක්. හදවතට වැළඳගන්න බැරි තරං සැනසුමක්.

      Delete