වැසි බර දවසක
හුදෙකලා කෝපි බඳුනක් කුමට මට
එහි තැවරි උණුසුම ගෙන
නුඹ යන්න ගිය විට
මන්දාරම මවයි නිති
හදිසියේ මඟ හැරුණු අත
කොතරම් කැතැයි සිතුවද
සතුට නොමවා ඉන්නෙද
පෙම්වත නැවත
හිස් වුණු අසුන මත
සිනහව පළඳන්න පුළුවන්ද මොහොතකට
නුඹ නොමැති දෙව්ලොව
වුවත් කතරකැයි හැඟෙන විට
ගස් කොළන් සේරෝ ම මල්වලින් පුරවලා
වසන්තය ගෙන එන්න පුළුවන්ද දවසකට
Pic. - Hsin-Yao Tseng, Taiwanese Born 1986
අපූරුයි...:)
ReplyDelete