
මේ විදිහට හීල්ලෙන කොට බං
ජීවිතේ වුණත් තිත්තයි
ආදරේ උරා බොන්නට
පණ කොඳුත් හුස්ම ගස්සයි
තක්කාලි දෙසීයත් හැටයි
මක්කොල්ල හුස්ම ගන්ඩදැයි
මමත් හොයනා නිසා උත්තර
නුඹෙ ඇනුම් පදයත් බරයි
සිහි විකල් වෙන තරමට
බඩගින්න ජීවිත බර
තරාදියකට දැනෙනවද
ගරා ගිය හුස්මක් හැර?
Picture - Harold Harvey
ඒ හිංද වෙන්න ඇති
ReplyDeleteබෙල්ල සිර කර කඹයකින්
ඇතුගලපුර එ දෙදෙන
යන්නට ගියේ
කිසිත් නොකියාම
හිතන්නට යමක්.
ඉතිරි කර