
වර්ණවත් ආකාසයේ වලාකුළු
ඇදී යන්නේ නොයෙක් දෙස
කිඳුරියන් හා එක්ව
පිහිනන්නා මෙන්ය ඔබ
ඇතැම් විට නොසෙල්වී
බලා ඉන්නේ අහස
ලොව සුන්දරම යුවතියන් හා ඔබ
හිඳ සිටින්නා මෙනි සන්ධ්‍යාවල
කඳු මුදුන්වල වැතිර
පහත් බිම තාරකාවන් වෙත
සිනා වෙන විට ඔබ
ගෝත්‍රික කෙල්ලක් වැනිව මම
එහෙත් මම මෙතැන නැවතිගෙන
ආකාසයේ ඈත කොන් දෙසත්
උස් බිම්හි තාරුකාවන් දෙසත්
සමුදුරෙහි රළ ඉති දෙසත්
බලා හිඳ ඉමි නිසොල්මන්වම
Picture - Willem Haenraets
No comments:
Post a Comment