Monday, May 12, 2014

රාත්‍රිය පැමිණ



රේක්කයකින් වලා පීරූ
අහස් ගෙවත්තෙහි
රාත්‍රිය පැමිණ
ආලෝක පැළ ඉන්ඳයි

හමා යන සිහින් සුළඟට
විලිබරව සිනා පා
වැටකොළු කෙල්ලක්
තාලයට නැළවෙයි

එළි පුඤ්ජයක්
නෙළා ගැන්මට
ලිහිණියක දුර ඈත
ආකාසයට ඉගිලෙයි

Picture - Cao Yong

No comments:

Post a Comment