Monday, May 12, 2014

වසන්තය ඇවිත් රන්වන් කුසුම් විසුරලා



වසන්තය ඇවිත් රන්වන් කුසුම් විසුරලා
සුසුම් ගෙන ගිහින් ඈතට සුපෙම් අතුරලා
ළසඳ සඳ මුවක කැටයම් නොහිම් හද පුරා
සිඳංගනාවක් ඇවිදින් කණට කෙඳිරුවා

රිදුම් දරා ගනු බැරි හද රැඳුණු ඉරි තලා
සෙමින් සෙමින් මුදු ලවනින් වැළඳ සුව කළා
මුනින්තලා වී සෝ දුක් දැරූ පත් හළා
රනින් මැවූ රන් වැසි මල් සේලයක් කළා

Picture - Claude Monet

No comments:

Post a Comment