
සුමුදු රහසක් කණට කොඳුරන
කඳු ඉසව්වක තනිවෙලා
වයන විට දේදුන්න හද'ලුව
සලිත කර කර මිහි වලා
රාස්සිගෙ අවු කිරණ අහුලා
ඉරක් කඳු ගැට අතැර පාවෙයි
රිදී ඉරි ගෙන සිහින් සුවඳක
සඳක් මතකය වගේ පායයි
සඳේ සඳ රැස් දියෙන් පෑදී
ගඟක් ගල්කුළු පසුකරන් යයි
ගඟට හිස තැබු තුරක අත්තක්
ඇසක තරු එළි විදා හිනැහෙයි
Picture - Gleb Goloubetsk
ලක්ෂණ කවියකි.
ReplyDeleteස්තූතියි..
Delete