Thursday, May 1, 2014

නොනිම් සුසුමක්



වැස්සකට පසු උපදින
මලක නටුවක කඳුළක
සියුම් සුසුවඳ අතර ගලනා
නොනිම් සුසුමක් තියෙනවා
වලා අතරින් ගලා යන
දේදුන්න වාගේ පිපෙනවා

මලත් නටුවත් පසෙක ඉපැදුණු
වීර හැඟුමන් පිබිදිලා
හිතක් පපුවක් ඇතිව හිනැහුණු
කුඩා කටුවක සැඟවෙලා

විලත් මුහුදත් පොළෝතලයත්
පෙමක රහසින් හැඩ තලා
දුකත් කඳුළත් අතර නයනත
නොහිම් සතුටක් මුහු කළා

Picture - Winslow Homer

No comments:

Post a Comment