
නිසි දෙයම කළ බැවින්
තිළිණ ලෙස පිරි නැමිණි
දැල්වූ උණුසුම් උදුනක් මා වෙත
පුදුමය, තවම දැල්වීගත් ගමන්මය එය
හරියටම ළය මැද
ගිනි වැදී දරා ගත නොහී හැඟුමන්
අළුව ඇත තැනින් තැන
දැන් එය අඩක් අළු බඳුනක්ය
සුණු ව ගිය බිඳ බිඳ
හෘදාබාධයකින් මිය යෑම කියන්නේ ඒකය
හේතු විමසන මිනිසුනට
නොපෙනෙන එකත් අරුමය
Picture - Alessandro Andreuccetti
හෘදාබාධයකින් මිය යෑම කියන්නේ ඒකය///
ReplyDeleteඅපූරු කතාවක් නෙව... ලස්සනයි වගෙම යමක් හිතන්න ඉතිරි කල කවියක්