
රෝස පැහැති රෝස පොකුරු කොපුල තබා ඉඩ
කලින් කලට වැසි වසිනා වසන්තයේ හැඩ
නාඳුනනා සුවඳ කොහිද අසන අසන විට
අහසක් සිටියා රකිමින් සිය හද මුනිවත
ළමල කලක ළපටි හදක සිහින සොරා සැඩ
සුළඟ සුණු විසුණු කරතෙයි සුවඳ විඩින් විඩ
අහසක් බිණුවත් හඬමින් පෙන්නා වැහි පොද
කතරක් නොදුටුව ළමලක් තටු ගිලිහීවිද?
Picture - Boris Prokazov
උදෙන්ම නිර්මාණය රසවිඳ සිත් පහන් කරගතිමි. ස්තූතියි ඔබට..
ReplyDeleteස්තූතියි..
Delete